ගුරුවරුන්ට වෘත්තීය සමිති අවශ්‍ය ද සොයාබලන්න කොමිසමක් – වජිර
ගුරුවරුන් සඳහා වෘත්තීය සමිති ව්‍යාපාර අවශ්‍යද නැද්ද යන්න සොයා බැලීමට කොමිෂන් සභාවක් පත් කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
ගුරු මනස වෘත්තීය සමිති මනසක් වන විට පාසල් දරුවන්ගේ මනස විකෘති වීමට ඉඩ ඇතැයි ද පැවසූ ඒ මහතා ඒ අනුව රටේ සියලු දරුවන්ගේ යහපත වෙනුවෙන් වෙනම කොමිෂන් සභාවක් මේ වෙනුවෙන් පත් කිරීමේ අවශ්‍යතාවය නිර්මාණය වී ඇතැයිද පැවසීය.
ගුරුවරුන් තම වෘත්තිය වෙනත් අයගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කැප නොකළ යුතු බවත් වෘත්තීය සමිති ව්‍යාපාර තුල ගුරුවරුන් සිටිය යුතුද නැද්ද යන්න ගුරුවරුන් විසින් නැවත වරක් සිතා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
ජාතික සේවක සංගම් ශාලාවේදී පැවති හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසුවේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

