සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ප්‍රථම කාණ්ඩය එළිදකී
සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය මඟින් සම්පාදිත සිංහල – ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂයේ ප්‍රථම කාණ්ඩය ජනගත කිරීම (21) කොළඹ 07,පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
”නූතන සමාජ ප්රවණතා හමුවේ පැරණි භාෂා ශාස්ත්‍ර අධ්‍යයනයන්හි ආස්ථානය”මැයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජම්බුගහපිටියේ ධම්මාලෝක හිමිපාණෝ විසින් මෙහිදී විශේෂ දේශනයක් ද සිදු කළහ.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය මඟින් මෙම ශබ්දකෝෂය සම්පාදන කිරීම සිදුවිණි.
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක,රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය, සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ සම්මානිත මහාචාර්ය රෝහිණි පරණවිතාන, ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් අනුර මනතුංග, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (වැ.බ) භාග්‍යා සී. කටුදෙණිය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ෂාමිලා ක්‍රිෂාන්ති, යන මහත්ම මහත්මිහු සහ විද්වතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.
@Media Unit
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

