උත්සව සමයේ දිවයින පුරා වැටලීම්
එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා වැටලීම් ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වේ.
ඒ අනුව සෑම දිස්ත්‍රික්කය ම ප්‍රධාන තොග අලෙවිසැල්, ගබඩා පරීක්ෂා කිරීම මෙන්ම සිල්ලර වෙළඳසැල් පරීක්ෂා කිරීමද සිදුකරන බව එම අධිකාරිය සඳහන් කරනවා. එසේම උත්සව සමයේදී වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුලු අක්‍රමිකතා සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට 1977 කෙටි දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

