Latestදේශීය

ඉන්දීය ශ්‍රී ලංකා බලශක්ති හමුව

මෙරටට පැමිණි ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු ආමාත්‍යංශයේ ලේකම් , පන්කජ් ජේයින් ප්‍රමුඛ ඉන්දීය දූත පිරිස සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථාවන් පිළිබද (24) බලශක්ති අමාත්‍යාංශයේ දී සාකච්ඡා කරන ලදී.

මෙහිදී බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධන කිරීම , තෙල් හා ගෑස් ගවේෂණය , පුනර්ජනනීය බලශක්තිය , ද්‍රව ස්වභාවික වායුවල යටිතල පහසුකම් සංවර්ධන සහ සැපයුම හා සූර්ය බලයෙන් ක්‍රියාත්මක ලිප් පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරිණි.

මෙම විශේෂ ඉන්දීය දූත පිරිසට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජෙකබ් , ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ විශේෂ කාර්ය භාර නිලධාරිනී ඊෂා ශ්‍රීවාස්තවා, IOC සමාගමේ සභාපති එස්.එම්. වෛද්‍ය, ඉන්දියා ලිමිටඩ් ඉන්ජිනියර්ස් සමාගමේ සභාපති වර්තිකා ශුක්ලා, Petronet LNG Limited කළමනාකාර අධ්‍යක්ෂ, ඒ.කේ. සිං, ONGC Videsh Limited හි කළමනාකාර අධ්‍යක්ෂ රාජර්ෂි ගුප්තා, ඉන්දියානු ඛනිජතෙල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ අමිත් ග්‍රේග් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහභාගි විය.

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *