Latestදේශීය

ලක්ෂ ගණනින් පාරට ඇවිත් වර්ජනය අරඹනවා

එළැඹෙන සතියේදී ලක්ෂ ගණනක වෘතිකයන් සමඟ මහ පාරට පැමිණ විරෝධතා සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අවසානයේ රටම අඩපණ කරන තත්ත්වයකට යාමට සිදුවන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසීය.

රජය විසින් පනවා ඇති ආදායම් බද්දට විසඳුමක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදුනහොත් මෙම පියවරයන් සඳහා එළඹෙන බවත් ඔවුන් සඳහන් කළහ.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව සිදු කළ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *