IMF එක සෝමාලියාවට කළ දේ කෙටියෙන්
IMF එක 1980 වනවිට සෝමාලියාවේ ආර්ථිකය හසුරුවන්න භාරගන්නවා. එහෙම කරන්නේ අධික ණය බරින් මිරිකි ගිය සෝමාලියානු ආර්ථිකය ගොඩ ගන්නවා කියලයි.එතැන් පටන් අවුරුදු දහයක් යනකොට සෝමාලියාව කැඩී බිඳී ගොස් අසමත් රාජ්‍යක් කියන තැනට 1990දි පත් වෙනවා. ඒ IMF එක එහි ආර්ථිකය හදලා දෙන්න භාර අරන් හරියටම වසර 10කට පසු.
මෙන්න මේවා තමයි ක්‍රියාත්මක කරපු යෝජනා ටික කෙටියෙන්. IMF වැඩසටහනට ලෝක බැංකුවේ සහයත් නොඅඩුව ලැබුණා.
- සුභසාධන වියදම් කපා හැරිමේන් ආදායම් ඉතුරු කරලා ණය සහ පොලී වාරික ගෙවන්න යෝජනා කළා.
- සෝමාලියානු මුදල් ඒකකය වන සෝමාලි ෂිලිං එක පා කරා ඩොලරයත් එක්ක. ඒකෙන් ඉන්ධන මිල වැඩි වෙලා අධි උද්ධමනයකට රට තල්ලු වුණා.
- සෞඛ්‍ය වියදම් කපා හැර රජයේ රෝහල් පෞද්ගලීකරණය කළා. 1989 වනවිට රජය එරට සෞඛ්‍ය සඳහා වියදම් කළ ප්‍රමාණය 1975 වසරට සාපේක්ෂව 78%කින් අඩු කරල දැම්මා. ඒකෙන් වුණේ ලෙඩ රෝග සහ වසංගත පැතිරෙන්න ගත්තා. රෝහල්වල බෙහෙත් නැති වුණා. ගොඩක් රෝගීන්ට ප්‍රතිකාර අහිමි වුණා.
- නිදහස් අධ්‍යාපනය අහෝසි කළා වගේම අධ්‍යාපනය පෞද්ගලිකකරණය කළා. ඒකෙන් ජනගහනය වැඩි වුණත් පාසල් යාමේ ප්‍රතිශතය 41%කින් අඩු වුණා. අධ්‍යාපනය බිඳ වැටුණා. සාක්ෂරතාවය අඩු වෙන්න ගත්තා.
- වැටුප් අඩු කළා වගේම රාජයේ සේවකයින් ප්‍රමාණය අඩු කළේ ගොඩක් අය ඉවත් කිරිමෙන්. 1991 ජනවාරි ෂයිඩ්ග් බ්‍රිගේ ආණ්ඩුව බිඳ වැටෙන්න කලින් ලෝක බැංකුව රාජ්‍ය සේවයේ වැටුප් ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් 40% දොට්ට දැම්මා සහ වැටුප් වර්ධක කපා හැරියා.
- සෝමාලි මහ බැංකුව ප්‍රතිව්‍යුහගත කරලා රාජ්‍ය දේපළ සහ සම්පත් පෞද්ගලීකරණය කළා.
- කෘෂිකාර්මික අංශයේ රජයේ ආයෝජන නැවැත්තුවා. 1975 ට සාපේක්ෂව කෘෂිකාර්මික අංශයට රජය කළ වියදම 85%කින් අඩු කරා. එමගින් කෘෂිකාර්මික යටිතල පහසුකම් ටික කඩා වැටුණා.
- මිනිස්සු ධාන්‍ය වගා කරන එකෙන් ඈත් කරලා එළවළු, පළතුරු සහ තෙල් ගත හැකි ඇට වර්ග වගා කරන්න යොමු කළා. ඒ නිසා සෝමාලියාවේ පරිභෝජනයට අවශ්‍ය ධාන්‍ය ආහාර ඇමෙරිකාවෙන් ආධාර වශයෙන් දෙන්න ගත්තා. ඒකෙන් වුනේ සෝමාලි ආණ්ඩුව ඇමෙරිකන් අතිරික්ත තිරිඟු පිටි විශාල වශයෙන් එරට වෙළඳපොළේ විකුණන්න ගැනීමයි. මේක සිද්ධ වුනේ 80 ගණන්වල මුල ඉඳලා. ඒක තමයි රජයේ මූලික ආදායම බවට පත්වුණේ. මේ වගේ සැළසුම්සහගතව කෘෂිකර්මයට තියෙන රජයේ අනුග්‍රහය නැති කිරිමෙන් රජයේ ගොවිපළවල් කරගෙන යන්න බැරි තත්වයකට පත් වෙලා ඒවා පෞද්ගලීකරණය නමින් විකුණලා දැම්මා විදේශීය ආයෝජකයින්ට.
- දිගින් දිගටම සෝමාලි මුදල් ඒකකය පාවෙන්න ඉඩ හැරීම නිසා ඉන්ධන, පොහොර, සහ කෘශි පිරිවැය වැඩි වෙලා සමස්ත කෘෂිකාර්මික ක්‍රියා කඩා වැටුණා.
- ආනයන බදු ඉවත් කර ආනයනකරුවන්ට ණය දුන් අතර අපනයන අසීරු කළා.
- ගවයන් ඇති කරන ජන කොටස්වලට විරුද්ධව ගෙන ගිය යුද්ධය නිසා රටේ අපනයන ආදායමෙන් 80%ක් වන ගවමස් අපනයනය කර ගන්න බැරි වුණා. පශු සම්පත් රැකියා අඩු කරලා රජයෙන් දෙන පශු වෛද්‍ය කටයුතු සීමා කරලා ඒකත් පෞද්ගලීකරණය කළා.
- ජල ළිං පෞද්ගලීකරණය කරලා ජලය වෙළඳ භාණ්ඩයක් බවට පත් කරා. සත්තුන්ට අවශ්‍ය තණබිම්වලට ජලය සැපයීම රජය අතෑරියා පමණක් නොවේ සාගතයකදි හදිසි සත්ව ආහාර ලබා දීම ද කර ගන්න බැරි වුණා.
- මේ අතර ලෝක බැංකුවට පරිසරය රැකිම මුවාවෙන් දකුණු වාලුකා අප්‍රිකානු වැඩ සටහන යටතේ එඬේර ජන කොටස් විසින් සිය සතුන් තෘණ භූමිවල ආහාර ගැනීමට ඉඩ හැරිම තහනම් කළා. රජයේ නිලධාරින් මගින් එඬේර ජනකොටස් වල පාරම්පරික ක්‍රමයට විරුද්ධව ඔවුන්ව ගෘහආශ්‍රිත කටයුතු වලට සීමාකළා.
මේ හැම දේකින්ම වුණේ අන්තිමට එරට ආර්ථිකය නැත්තටම නැති වෙන්න කඩන් වැටුණා. රට සමස්තයක් ලෙස බිඳ වැටුණා. මිනිස්සු සාගතවලට මුහුණ දුන්නා. අන්තිමට අර්බුදවලින් පිරුණු අසමත් රාජ්‍යක් ලෝකෙට දායාද කරලා ප්‍රශ්න ඇති කරලා පාලනය කිරිමේ ක්‍රමය යළි ස්ථාපනය කළා.
ප්‍රදීප් සමන්ජීව
(සෝමාලියාවේ ජාත්‍යන්තර කටයුතු ක්‍රියාකාරී)
පරිවර්ථනය – වරා ත්‍යාගරාජ්
Please follow and like us: