Latestදේශීය

ආයතන 400කට වෙන්න යන දේ රංජිත් සියඹලාපිටිය කියයි

ඉදිරියේදී රාජ්‍ය ආයතන හා හාරසියයක් පමණ ප‍්‍රතිව්‍යුහගත කිරීමට සිදුවනු ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කොන්දේසි මත මෙන්ම මෙම පියවරයන් ගැනීමට සිදුවන බව ද හෙතෙම පවසයි.

එමෙන්ම ඉදිරියේදී කිහිපයක් ද හඳුන්වාදීමට නියමිත බවත් හෙතෙම කියා සිටී.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකළ සාකච්ඡාවේදීද මෙම ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.

රාජ්‍ය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරන ඒකකයක් මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති අතර එම ඒකකය විසින් හඳුනා ගත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිතව තිබේ.

මෙහි පළමු අදියර යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලිත්‍රො ගෑස්, ටෙලිකොම් ඇතුළු ආයෙත් ආයතන හතක් ප්‍රතිව්‍යුහගත කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබිණි.

ව්‍යාපාර කිරීමෙන් ක‍්‍රමානුකූලව ඉවත් වීම මෙමගින් රජය බලාපොරොත්තු වෙයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *