Latestදේශීය

ටෙලිකොම් අලිරාජාට

ලාභ ලබමින් ව්‍යාපාර සිදු කරමින් ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් සියල්ල විකුණා දැමීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඒ අනුව එම ම ආයතනය විකිණීමට යන්නේ සුබාෂ්කරන් අලිරාජා නම් ව්‍යාපාරිකයාට බව ද හෙතෙම පැවසීය.

ඔහු දෙමළ ජාතිකයෙකු වීම ප්‍රශ්නයක් නොවුණත් කාට දුන්නත් ලාභ ලබන ආයතන විකිණිය යුතු නැති බවද හෙතෙම සඳහන් කළේය.

ලාභ ලබන ආයතන විකුණා දමමින් අලාබ ලබන වන ආයතන ඒ විදිහටම පවත්වාගෙන යන බවද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

මේ අතර විදුලි සංදේශ සේවක සංගමය සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දීය සමාගම් දෙකක් වන ආදානි හා ලයිකා මොබයිල් සාකච්ඡා පවත්වා ඇති බවයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *