Latestවිදේශීය

නේටෝ දොරකඩට රුසියානු න්‍යෂ්ටික අවි

පෝලන්තය සමඟ වන දේශසීමාව ආසන්නයේ බෙලරුස් න්‍යෂ්ඨික අවි ස්ථාපනය කිරීමට රුසියාව තීරණය කර තිබේ.

මෙම තීන්දුව ගෙන ඇත්තේ යුක්රේනය හා රුසියාව අතර පවතින ගැටුම් අතරතු කලාපයේ උද්ගතව ඇති අවදානම සලකා බෙලරූස් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව එළඹෙන ජූලි මස වන විට මෙම අවි බෙලරූස් රාජ්‍ය වෙත යැවීමට අපේක්ෂා කරන බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

නමුත් එම අවිවල පාලනය බෙලරූස් වෙත ලබා නොදෙනු ඇති බවද වාර්තා වෙයි.

දැනටමත් න්‍යෂ්ටික අවි නිකුත් කිරීමේ පද්ධතිය බෙරලුස් ඔබ වෙත යවා ඇත.

නේටෝ සාමාජිකත්වය දරන පෝලන්තය ආසන්නයේම මෙම අවි ස්ථාපනය කිරීම කලාපයේ යුද ආතතිය තවත් ඉහළ නංවනු ලැබ ඇති බවට ජාත්‍යන්තර විශ්ලේශකයන් කියා සිටිති.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *