මැතිවරණ කොමිසම දිනේෂ්ට ලියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
අදාළ ඉල්ලීම අග්‍රාමාත්‍යවරයා වෙත ලිඛිතව යොමුකර ඇති අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජි. පුංචිහේවා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම ඉල්ලීම සිදුකළ බවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජි. පුංචිහේවා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන්ද මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී අවදානය යොමුකරණ බවයි.
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටිටආරච්චි පසුගියදා ප්‍රකාශ කර සිටියේ ආන්ඩු විසින් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට උත්සහ දරමින් සිටින බවත්, මෙමඟින් සිදුවන්නේ පළාත් පාලන ආයතනවල බලය විධායකය විසින් පාලනය කරන තත්ත්වයට පත් කරන බවය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

