ජනක රත්නායක මුදල් අමාත්‍යංශයට ලියයි
තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හේතු වූ කරුණු පිළිබඳ මේ වනවිට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනත රත්නායක මහතා පවසයි.
එම දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් තමා මුදල් අමාත්‍යාංශය වෙත යොමුකිරීමට බලාපොරොත්තු වන බව ද පැවසු ඒ මහතා, තමාට එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද දැනුම් දී තිබේ.
කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට පෙබරවාරි 16 වැනිදා මුද්‍රා තැබීය.
දින 13කට පසුව මුද්‍රා ඉවත් කෙරුණු මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ නිල කාර්යාලයේ ලිපි ගොනු සියල්ල පොලීසිය සිය භාරයට ගැනීමට ද කටයුතු කළේය.
ඒ කඩාකප්පල්කාරී පිරිසක් එහි රාජ්‍ය වටිනාකමක් ඇති ලිපි ගොනු අස්ථානගත කිරීමට හෝ විනාශ කිරීමට උත්සාහයක් ඇති බවට කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

