Latestදේශීය

ශවේන්ද්‍ර ගැන පොහොට්ටුවේ තීරණය

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා තවදුරටත් හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් ජාතික පුවත්පතකට සඳහන් කර තිබේ.

පසුගිය මැයි මාසයේ 09 වැනිදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් නිකුත් කළ කමිටු වාර්තාව මගින් අදාල සිදුවීම වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට ශවේන්ද‍්‍ර සිල්වා මහතාට චෝදනා එල්ල වී ඇතත් ඔහු තිබියදී ඔහු තවදුරටත් එම ධුරයේ රැඳී සිටින්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් පොදුජන පෙරමුණේ නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කර ඇත.

කරන්නාගොඩ කමිටු වාර්තාව මගින් ශවේන්ද්‍ර සිල්වා මහතාට චෝදනා රැසක් එල්ල වී තිබූ බවත් ඉන් මැයි 09 වන දින ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිදු නොවීමට ඔවුන්ගේ වගකීම හරිහැටි ඉටු කර නැති බවට ඔප්පු වී ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

මේ අනුව ඉතා නුදුරේදීම විශේෂ සාකච්ඡාවක් පවත්වා ගත යුතු ක්‍රියාමාර්ග ගැන නිගමනයකට ඒමට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ කටයුතු කරන බවද ඔහු තවදුරටත් පවසා ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *