Latestදේශීය

සමාජ ක්‍රමය වෙනස් කරන්න මේ හොදම කාලයයි – කුමාර් සංගක්කාර

අද වන විට තරුණ පරපුරෙහි දේශපාලනය සම්බන්ධයෙන් තිබෙන උනන්දුව වැඩිවී තිබීම සාධනීය බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසනවා. ගෙවුනු කාලය තුළ තරුණ පරපුර රටට එරෙහිවන දේශපාලනඥයින්ට මෙන්ම දේශපාලන ප්‍රතිපත්ති වලට එරෙහිව නැගී සිටි බව පවසන සංගක්කාර මහතා කොහොමද මේ ක්‍රමය වෙනස් කරන්නේ? යන්න අප ඉදිරියේ ඇති තීරණාත්මක ප්‍රශ්ණයක් බවයි.

ඔක්ස්ෆර්ඩ් සංසදයේ සාකච්ඡාවට එක්වෙමින් කුමාර් සංගක්කාර මහතා මෙම අදහස් පල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංගක්කාර මහතා,

බහුතරයක් දෙනා පවසන්නේ දේශපාලනය දූෂිත නිසා දේශපාලනයේ නිරථ නොවිය යුතු බවයි. නමුත් අපේ තරුණ පරපුරේ නායකයින් සහ ක්‍රියාකාරීන් දරපු සමාජ වෑයම කොහොමද අපේ දේශපාලනයට අදාල කරගන්නේ සහ ඒ තුළින් දේශපාලනයේ වෙනසක් ඇති කරගන්නේ කොහොමද කියන තීරණාත්මක ප්‍රශ්ණය අප හමුවේ තිබෙනවා. එක රැයකින් කළ හැකි දෙයක් නොවුනත් ඒ වෙනස වෙනුවෙන් අප උත්සාහ කළ යුතුයි. ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙසින් අපි වසර ගණනාවක් තිස්සේ කරන ප්‍රකාශ අපි ක්‍රියාවට නංවන්න අවශ්‍යයි. ඒ සදහා අපි කැපවිය යුතුයි. එය මට තනිවම කළ හැකි දෙයක් ලෙස පෞද්ගලිකව හිතන්නේ නැහැ. නමුත් එය සිදුකළ හැකි තරුණ ප්‍රජාවක් අපිට සිටිනවා. ඔවුන්ට සහයෝගය ලබා දීම සහ එය සිදුකිරීමට අවශ්‍ය අඩිතාලම දැවීම අපගේ කාර්යයක්. ඉදිරියට එන වසර 6ත් 10ත් අතර කාලය තමයි ඒක සිදුකරන්න හොදම කාලය. දැනටමත් ඒ වෙනස සිදුකරන්න තියෙන කාලය වේගයෙන් වැසෙමින් පවතිනවා. මම ඇතුළු තරුණ නායකයින් ඒ වෙනස සිදුකරන්න උපරිමයෙන් අවස්ථාව ගැනීමයි වැදගත්. නැත්නම් එවැනි අවස්ථාවක් ලබාගන්න මීට වඩා වෙර දරන්න සිදුවෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *