6 දෙනෙකුට දිවි අහිමි කළ ඇමරිකාවේ වෙඩිතැබීම
අමෙරිකාවේ නැෂ්විල් හි ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයන් 6දෙනෙකු මියගොස් තිබේ.
වෙඩිතැබීම අවුරුදු 03ත් 11ත් අතර සිසුන් අධ්‍යාපනය ලබන පෞද්ගලික ක්‍රිස්තියානි පාසලක සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඝාතනයට ලක්ව ඇති ළමුන් තිදෙනා 09 හැවිරිදි වියේ පසුවූ සිසුවියන් බවට හඳුනාගෙන තිබේ.
වෙඩිතැබීම කාන්තාවක් විසින් සිදුකර ඇති අතර පොලීසිය විසින් ඇයව ද වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
28 හැවිරිදි සැකකාරිය එම පාසලේම ආදි ශිෂ්‍යාවක බවට සැකකරන බව එරට පොලීසිය පවසයි.
වෙඩිතැබීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ පාසල් සහ පල්ලි සෝදිසි කිරීමට ද සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

