Latestදේශීය

IMF එකෙන් ගොඩගිය කිසිම රටක් නැහැ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදී ඇති ණය වාරිකයක් සමඟ සැබෑ අර්බුදය ආරම්භ වන බව ජනතා විමුක්ති පෙරමුණේ මාතර නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජනා ඉදිරිපත් කරන ලද කිසිදු රටක් ගොඩ ගිහින් නැති බවද හෙතෙම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මෑත ඉතිහාසයේ එම අරමුදල විසින් රටකට ඉදිරිපත් කරන ලද නරකම සහ දුෂ්ටම යෝජනාවලිය බවද හෙතෙම පෙන්වා දෙයි.

ඔහු මේ බව කියා සිටී ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *