ආන්ඩුව නිරුත්තරයි, දැඩි ක්‍රියාමාර්ග ගන්නවා – FUTA
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට රජය කඩිනම් මැදිහත්වීමක් සිදුනොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එහි සභාපති ශ්‍යම් බන්නැහැක මහතා ප්‍රකාශ කළේ, අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු අවස්ථාවක් ලබාදී නොමැති බවය.
ඒ සඳහා රජය කඩිනමින් පියවර නොගතහොත් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස දැඩි ක්‍රියාමාර්ගවල නිරත වීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

