ඛනිජ තෙල් වෘත්තීය සමිති අද (29) සාකච්ඡාවක
වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා අද (29) සාකච්ඡාවක් පැවැත්වෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සදහන් තරනවා.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න සඳහන් කළේ, විෂයභාර අමාත්‍යවරයා හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තම ගැටලු සඳහා විසඳුම් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.
ඛණිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතුව පැවති ඒකාධිකාරී බලය විදේශ සමාගම්වලට ලබාදීමට විරෝධය පළකරමින් ඔවුන් ඊයේ (28) සිට මෙම වැඩවර්ජනය ආරම්භ කරනු ලැබුවා.
මේ අතර සාමාන්‍ය පරිදි තෙල් සැපයුම සිදුකරමින් පවතින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සඳහන් කර තිබේ.තෙල් බවුසර් 50ක් පමණ කොලොන්නාව නිමාවෙන් පිටත් කර හැරීමට කටයුතු යොදා ඇති බව ඔහු සදහන් කර තිබෙනවා.
කෙසේ නමුත් මේ වන විට ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් නිර්මාණයවී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

