Latestදේශීය

රට ණය කළ විරුවෝ

මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ මුදල් ඇමති ලෙස කටයුතු කරමින් සිටි 2009 වර්ෂය අවසන් වන විට එනම් යුද්ධය අවසන් කරන විට රටක් ලෙස ලබාගෙන තිබෙන මු‍ළු විදේශිය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 18662.1 වී තිබිනි.

නමුත් ඉන්පසුව ගෙවීගිය වසර 12 තුලදි එනම් 2021 වර්ෂය අවසන් වන විට එම ණය ප්‍රමාණය ඩොලර් මිලියන 50724.2ක් දක්වා ඉතා විශාල වශයෙන් ඉහල නැග තිබිනි. 2009 දක්වා නිදහසින් පසු වසර 61ක් තුල ලබාගත් ණය මුදල මෙන් 272% ක් තරම් විශාල ණය මුදලක් වසර 12ක් තුලදී ලබාගෙන තිබේ.

තිස් අවුරුදු යුද්ධය පැවති සමයේ ලබාගත්තාට වඩා අතිවිශාල විදේශීය ණය තොගයක් මහින්ද රාජපක්ෂ පාලනය සහ රනිල් වික්‍රමසිංහ පාලනය විසින් ලබාගෙන තිබේ . මෙම ණය මෙරට රජය සහ පෞද්ගලික අංශය යන දෙඅංශය විසින්ම ලබාගත් ඒවාය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *