වන අලියෙකු පහරදීමෙන් වනජීවි නිලධාරියෙකු ජීවිතක්ෂයට
වන අලියෙකු පහරදීමෙන් රිටිගල වනජීවි කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වේ. මිය ගිය පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචි පී.බී.ජේ.විජේකෝන් නැමති දෙදරු පියෙක් වන අතර ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ වන අලි පලවා හැරීමේ මෙහෙයුමක දී මෙම සිදුවීම වී ඇත.ගලෙන්බිඳුණුවැව දික්වැව ප්‍රදේශයට පැමිණි වන අලි ඊයේ (28) පස්වරුවේ ප්‍රදේශයේ වගා බිම් රැසක් විනාශ කර තිබූ අතර ඒ අනුව ප්‍රදේශවාසින් සිවිල් ආරක්ෂක නිලධාරින් එක්ව වන අලි පලවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එහිදි වන අලි ප්‍රහාරයකින් තවත් පුද්ගලයෙකු තුවාල ලැබූ අතර ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

