Latestදේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

බස්නාහිර පළාත තුළ සිදුකළ අහඹු වාහන පරීක්ෂාවකින් පසු දුම් පරීක්ෂාව අසමත් වූ වාහන රැසක් හඳුනාගැනීමට හැකිවී තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු දත්ත වැඩසටහනේ අධ්‍යක්ෂ දසුන් ජනක මහතා පවසන්නේ, නියමිත කාලසීමාව තුළ කළු දුම පිටවීම නිවරදි කර නොගන්නා වාහන අසාදු ලේඛන ගත කරන බවයි.

වාහන වායු දත්ත වැඩසටහනේ අධ්‍යක්ෂ දසුන් ජනක මහතා මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්,

“2023 පෙබරවාරි 1 වනදා ඉඳලා හෝමාගම, කොට්ටාව, බණ්ඩාරගම, අලුත්ගම, මතුගම, බේරුවල, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ දුම් පරීක්ෂාව හැම මාසේම අන්තිමට කරා. ඒ වගේම කිරුළපන, ජාඇළ, නිට්ටඹුව ආදි වශයෙන් සමස්ත බස්නාහිර පළාතම ආවරණය වෙන විදියට වැඩසටහන කරලා වාහන 1,127ක් පරීක්ෂාවට ලක්කරා. ඩීසල් සහ පෙට්‍රල් වශයෙන්. එතැනින් සමත් වාහන 704ක් හඳුනාගත්තා. අසමත් වාහන 403ක් හඳුනාගත්තා. අප්‍රේල් 1 වනදා වනවිට බ්ලැක් ලිස්ට්වීමට නියමිත වාහන ප්‍රමාණයක් තියෙනවා.”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *