Latestදේශීය

මිශ්‍ර පොහොර මිල පහළට

එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුලු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් මේ වනවිට සියයට 50 කින් පහළ ගොස් ඇති බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඊයේ (28) දැනුම් දී ඇත.වී හා බඩඉරිඟු වගාවන් සඳහා රජයේ පොහොර වැඩසටහන යටතේ රසායනික පොහොර ලබා දුන්නද, අනෙකුත් බෝග සඳහා යොදන පොහොර නොමැතිවීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණිලි කර තිබේ.

එම කාරණය සැළකිල්ලට ගනිමින් වී හා බඩඉරිඟු හැර අනෙකුත් බෝග සඳහා භාවිත කළ හැකි මිශ්‍ර පොහොරක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යමහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරුන්ට උපදෙස් දී ඇත.ඒ අනුව දැනට වෙළෙද පොලේ අලෙවි කෙරෙන මිශ්‍ර පොහොර මිල ගණන්වලට වඩා විශාල අඩු මුදලකට ගුණාත්මක බවින් ඉහළ නව මිශ්‍ර පොහොර වර්ගකිහිපයක් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම හඳුන්වා දී තිබේ.

මේ නිසා අද වන විට වෙළෙදපොලේ මිශ්‍ර පොහොර මිල ගණන් සියයට 50කින් පහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *