රනිල්ගේ IMF දේශනය සුනන්ද සකසයි
සියලුම විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යාව ඇතුළු තෝරා ගත් විෂයයන් ගණනාවක ආචාර්ය මහාචාර්යවරුන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබාදෙන ණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ දේශනයක් අප්‍රේල් දෙවෙනි දින මුදල් අමාත්‍යංශයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ විසින් මෙම දේශනය පවත්වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වනවිට අත්සන් කර ඇති ප්‍රතිපත්ති රාමුව පිළිබඳව අදාළ දේශනයේදී කරුණු පැහැදිලි කරන අතර එම අරමුදල ශ්‍රී ලංකාවට පනවා ඇති කොන්දේසි රටට අහිතකර නොවන බවට කරුණු දැක්වීමට සැලසුම් කර තිබේ.
රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානම උපදේශකයෙකු වන ජෝෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බන්ඩාර මේ සම්බන්ධයෙන් සියලු සැලසුම් සකස් කරමින් අදාළ පිටපත ලියමින් සිටින බව අනාවරණය වී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

