වෘත්තීය සමිති රනිල් එක්ක හැප්පෙන්න සූදානමින්
රජය විසින් පනවා ඇති නව ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා නොදුනහොත් අප්‍රේල් මස තුන් වැනිදා සිට නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ග අරඹන බව වෘත්තිකයන්ගේ වෘත්තිය සමිති එකමුතුව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වන අවසන් ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද දිනයේ යොමු කරන බව ඔවුන් පැවසූහ.
කොළඹ දී ඊයේ පස්වරුවේ රැස් වූ වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම තීරණය ගෙන තිබේ.
ලක්ෂයට වැඩි ආදායම් ලබන්නන් සඳහා අය කරන ආදායම් බද්ද සංශෝධනය කිරීම මුල් කර ගනිමින් වෘත්තීය සමිති 47ක එකමුතුවක් විසින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට නියමිතය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

