ස්වෙච්ඡාවෙන් ඉවත් වෙන්න
ස්වෙච්චාවෙන් සේවයෙන් ඉවත් වීමට කැමති ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයන් සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ.
සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම දැනුම්දීම කරමින් පවසා ඇත්තේ සංස්ථාව ලාභ ලබන ආයතනයක් ලෙස පවත්වා ගැනීමේ අභියෝගයට මුහුණ දීම සඳහා මෙම පියවර ගැනීමට සිදුව ඇති බවයි.
ස්වෙච්ඡාවෙන් සේවය අතහැර යන සේවකයන් වෙනුවෙන් යෝජනා කර ඇති වන්දි මුදල උපරිමය රුපියල් ලක්ෂ 25 ක් සහ අවමය ලක්ෂ පහකි.
කෙසේ වෙතත් මෙම යෝජනාවට විරෝධය පල කරන සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කරන්නේ පාලකයන් මේ උත්සාහ කරන්නේ ආයතනය පාඩු ලබන බව පවසමින් විකුණා දැමීමේ කටයුත්තට බවයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

