Latestදේශීය

වසරක් සපිරෙයි

පලවාහරින ලද ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට පැවැත් වූ සාමකාමී උද්ඝෝෂණය මර්ධනය කිරීම සඳහා අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණෙන් කුලී මැරයන් යොදවා බසර්ථයක් ගිනි තබා අදට වසරක් සම්පූර්ණ වේ.

මෙම කුලී මැරයන් සම්බන්ධයෙන් සජීවී වීඩියෝපට සමාජ මාධ්‍යයට මුදාහැරීමට විරෝධතා කරුවන් සමන් වීමත් සමග ගෝටාභය රාජපෂ ඇතුළු ආණ්ඩුවේ සැලසුම් සම්පූර්ණයෙන් ව්‍යර්ත විය. ඉන් පසුව මැයි 09 වනදා ගෝටා ගෝ ගමට ආණ්ඩුවේ මැරයන් ප්‍රහාර එල්ල කිරීමද මහජන ප්‍රතිප්‍රහාර හමුවේ සම්පූර්ණයෙන් අසාර්ථක වී මහින්ද රාජපක්ෂට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

ඉන් පසුව ජුනි 09 වෙනි දින බැසිල් රාජපක්ෂට මුදල් ඇමති ධුරය සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර ජූලි 09 වෙනි දින විධායක ජනාධිපති ගෝටාභය රාජපක්ෂද සාමකාමී මහජන උද්ඝෝෂණ මගින් පලවාහරිනු ලැබීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *