Latestදේශීය

සජබ පලුවක් රනිල්ට

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතලිස් දෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වීමට නියමිත යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව ජනාධිපතිවරයාට මාර්ග වලින් මෙම මන්ත්‍රී කණ්ඩායම විසින් එකඟතාවය ලබා දී ඇති බවද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

මෙම පිරිසෙන් ඇතැමුන් ජනාධිපතිවරයා සමග එක්වන බවට තමන්ටද පෞද්ගලිකව පැවසූ බවද ඒ මහතා සඳහන් කළේය.

ඉතාම කෙටි කලකින් මෙම මන්ත්‍රී පිරිස ආණ්ඩුවට එක් වෙනු ඇති බව ද හෙතෙම කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *