EPF බිලි දීමට සූදානම්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරණය යටතේ සේවක අර්ථසාදක අරමුදල මගින් රජය ලබාගෙන ඇති ණය කපාහැරීමට සූදානම් බව මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයකින් හෙළි කර තිබේ.
මෙම මාධ්‍ය සාකච්ඡාව ඊයේ (30) පවත්වා ඇති අතර එහිදී වැඩිදුරටත් හෙළි කර ඇත්තේ, රජය භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගෙන තිබෙන ණය තොගයෙන් 42.7%ක් සේවක අර්ථසාදක අරමුදලෙන් ලබාගෙන තිබෙන බවය. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් සේවක අර්ථසාදක අරමුදල මගින් ලබාගෙන තිබෙන ණය තොගය පිළිබඳව එහිදී හෙළි කර නැත.
විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කොන්දේසියක් ලෙස දේශීය ණය ප්‍රමාණයද ප්‍රති ව්‍යූහ ගත කිරීමට සිදු වී තිබේ. රජයේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 84ක් වන අතර දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 43ක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙළි කර ඇත. මේ අනුව විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ පූර්ව කොන්දේසියක් ලෙස දේශීය ණය ඩොලර් බිලියන 43ක ප්‍රමාණය ප්‍රතිව්‍යූහගත කිරීමට නියමිතය.
මෙම ප්‍රතිව්‍යූහගත කිරීමේදී සේවක අර්ථසාදක අරමුදලට අමතරව දේශීය බැංකු පද්ධතියද සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදලද දැඩි අවදානමකට ලක්වන බව මේ වනවිටත් විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීමට මේ වනවිට විශාල වශයෙන් ලාබ ලබමින් පවතින රාජ්‍ය ආයතන විකුණා දැමීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින අතර සේවක අර්ථසාදක අරමුදල සහ බැංකු පද්ධතියද අනතුරේ හෙළීමට කටයුතු කෙරෙමින් පවතින බව මෙම මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්වලින් අනාවරණය වී ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

