ඉන්දීය බිත්තර මිළදී ගන්න එපා – කුකුළු ව්‍යාපාරික සංගමය
ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ බිත්තර නරක් වී තිබිය හැකි බවත් සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ උපදේශක මාතලී ජයසේකර මහතා සඳහන් කරන්නේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර ආහාරයට නොගන්නා ලෙසයි.
ඉන්දියාවෙන් ගෙන්වන ලද බිත්තර වල මුද්‍රාවක් ගසා ඇති නිසා එය හඳුනාගැනීමට පහසු බවද පවසන ඔහු සාමාන්‍ය වෙළඳපොලේ මෙම බිත්තර විකිණීමට තිබුනහොත් මිලට නොගන්නා ලෙසද ඉල්ලා සිටී.
එම බිත්තර බොහෝ දුරට නරක් වූ බිත්තර විය හැකි බව පවසන ඔහු ශීතකරණවල ශීත තත්ත්ව යටතේ ගබඩා කර තිබූ බිත්තර ඉන් එළියට ගත් පසු නරක් වීම ආරම්භ වන බවත් වෙළඳපොලේ සාමාන්‍ය උෂ්ණත්වය බිත්තර පැවතුණහොත් ඒවා නරක් වන බවත් කියා සිටී.
එනිසා ආනයනික බිත්තර භාවිතයට ගන්නා අවස්ථාව තෙක් ම තැබිය යුත්තේ ශීතකරණ වල බවත් එළියට ගත් මොහොතේ සිට නරක් වීම ආරම්භ වන බව හෙතෙම තවදුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

