Latestදේශීය

කටුවපිටිය දේවස්ථානයට දහම්පාසලක්

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී ශෛලිය ලෝකයේ වෙන කිසිම තැනක නොමැති බවත්, එය අපිටම ආවේනික වූ කලාවක් බවත් මෙම උරුමය රැක ගැනීම සංරක්ෂණය කිරීම හා ඉදිරි පරම්පරාව වෙත පවරාදීම සම්බන්ධයෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා (29) සඳහන් කළේ ය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මීගමුව,දූව සින්දාත්‍රි දේවමාතා දේවස්ථානයේදී පැවැති පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී ශෛලිය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත පවරාදීමේ වැඩ සටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසිය.

එසේම මෙම උරුමය මෙතෙක් දුරට ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගෙන ඒම සම්බන්ධයෙන් ඇප කැප වූ සියලු දෙනාට ද අමාත්‍යවරයා සිය ස්තුතිය පළ කළ අතර, ඔවුන් කළ මෙම මහඟු කාර්යය වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් කිරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් සඳහන් කළේ ය.

දුව පිටිපන හා වැල්ලවීදිය ප්‍රදේශවලින් තෝරාගන්නා ලද පසම් 81 කින් සමන්විත පසම් හා ලතෝනි පුරාණය මීගමු වෙළුම ග්‍රන්ථය“ හා සංයුක්ත තැටිය එළිදැක්වීමත් එකී ගායනා අඩංගු වීඩියෝ අන්තර්ජාලය වෙත මුදා හැරිමත් මෙහි දි සිදු කෙරිණි.

අති උතුම් දේවධර්මාචාර්ය මැක්ස්වෙල් සිල්වා රදගුරුහිමිපාණන්,පසම් හා ලතෝනි සංරක්ෂණ කමිටුවේ අනුශාසක ගරු ලාල් පුෂ්පදේව පියතුමා ඇතුළු ගරු පියතුමන්ලා,ක්‍රිස්තියානි කටයුතු අධ්‍යක්ෂ ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරිහු සහ ප්‍රදේශවාසිහු රැසක් මෙම අවස්ථාවට එක්වුහ.

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *