බිග් මැච් අනතුරෙන් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
පාසල් ක්‍රිකට් (බිග් මැච්) තරගයක් අතරතුර මාර්ගයේ මෝටර් රථ සංදර්ශනයක නිරතවී සිටියදී සිදුවූ අනතුරකින් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
ජීප් රථයක් පෙරළී එහි සිටි සිසුන් මෙලෙස අනතුරට ලක්වී ඇත.
බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසනනයේ ඇති නව ක්‍රීඩාංගණයේදී අද (01) දවහල් මෙම අනතුර සිදුවී තිබේ.
පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ සිසුන් රෝහල වෙත රැගෙන යන අතරතුර දෙදෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

