IMF නිසා බැංකු පද්ධතිය බරපතල අවධානමක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුම් දී ඇති පරිදි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවදානමක් විය හැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් පෙන්වා දෙයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු කරන්නේ නම් ඒ සඳහා ආර්ථික න්‍යායන් භාවිතා කරමින් ඒවාට අදාළ විශ්ලේෂණ සිදුකල යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සමග ඉදිරියට යාමට ඉදිරි සති කිහිපය ඇතුළත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන සැලැස්ම ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවද කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉදිරි මාස දෙකක කාලය තුළ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

