Latestදේශීය

IMF මර උගුලෙන් රැකියා ලක්ෂ 10ක් අනතුරේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පළමු ණය වාරිකය ලබාගැනීමෙන් පසුව ආර්ථික අර්බුදයෙන් මිදෙන බව ආණ්ඩුව සඳහන් කළද රැකියා ලක්ෂ 10ක් බිඳවැටීමේ අනතුරක් මතු වී ඇති බව ලාංකීය එක්සත් ව්‍යවසාකයින්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර හෙළිකර තිබේ.

ලාංකීය එක්සත් ව්‍යවසාකයින්ගේ සංගමය මෙම කරුණු අනාවරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පනවා තිබෙන කොන්දේසි පිළිබඳව නිල වශයෙන් හෙළි කර තිබුණද අතුරු ප්‍රතිවිපාක පිළිබඳව කරුණු වසන් කර තිබෙන පසුබිමකය.

ලංකාදීප අප්‍රේල් 02 ඉදිරිදා පුවත්පත මේ බව “ලක්ෂ දහයක රැකියා අනතුරේ” යන සිරස්තලයෙන් පිටුවකට ආසන්න ඉඩ ප්‍රමාණයක් වෙන් කර අදාල කරුණු පෙන්වා දී ඇත. මේ වනවිට රටේ ආර්ථිකය වර්ධනය වන බව පෙන්වීමට ආණ්ඩුව විවිධ දත්ත ඉදිරිපත් කරන අතර සඟවා තිබෙන මෙම කරුණු අනාවරණය කර තිබීම විශේෂත්වයකි.

ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් පල කර තිබූ සාරාංශයක් මෙසේය,

“මේ වනවිට IMF ණය ලැබීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල යම් තරමකට හෝ ශක්තිමත් වීමේ වාසිය මේරට දේශීය කර්මාන්ත කරුවන් වෙත ලැබී නැත. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රජය ගන්නා ආර්ථික ක්‍රියාමාර්ග ජනප්‍රිය වුවත් එය සිය කර්මාන්ත කඩාවැටීමට මූලික වී ඇති බවකි. මේ ගැන අදහස් දක්වන ලාංකීය එක්සත් ව්‍යවසාකයින්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය පෙන්වා දෙන්නේ ඩොලරය අඩු වූවා කියා හෝ රුපියල් තරමකින් හෝ ශක්තිමත් වූවා කියන වාසිය දේශීය ව්‍යවසායකයින්ට නොලැබෙන බවය. මේ රජයට ආර්ථිකය දැනෙන්නේ නැත. ආණ්ඩුව කියන කතා ආර්ථිකය ගැන නොදන්නා අයට හොඳය.”

එළඹී තිබෙන උත්සව සමයට මුහුණ දීමට සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයින්ට නොහැකි වී ඇති බවටද සභාපතිනිය පෙන්වා දී තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *