Latestක්‍රීඩාදේශීය

කලකට පසු සුපිරි ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) පැවැති පන්දුවාර විස්සයි විස්ස පළමු තරගය කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක පන්දු ඕවරය මහීෂ් තීක්ෂණ විසින් යැවීය.

එහිදී නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී රැස්කළේ ලකුණු 8ක් පමණි. 

ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු  9 පන්දු 3ක් තුළදී ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

ඒ අනූව මෙම නවසීලන්ත සංචාරයේදී සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් විය. 

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමේ නායකයා දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 196ක් රැස් කළේය.

වසරකට අධික කාලයකට පසු සංචිතයට කැඳවූ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 53ක් රැස්කළේය.

චරිත් අසලංක පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 67ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් රැස්කළේය.

ලකුණු 196ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමත් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස්කළේය.

ලකුණු සමවීම හේතුවෙන් ජයග්‍රහණය තීරණය වූයේ සුපර් ඕවරයෙනි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *