පුළුවන් නම් “හොරු” කියලා කියන්න, වෙන දේ බලාගන්න
ඉන්දියාවේ රාහුල් ගාන්ධිට දඬුවම් කළ ආකාරයට දඬුවම් කළ හැකි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
සිදුවන දූෂණ වංචා නැවැත්වීම සඳහා ඉතා ශක්තිමත් පනතක් ගෙන ඒමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවත් අප්‍රේල් මාසය අවසන් වන විට එය පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර ගැනීමට හැකි වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කරයි.
මේ රට සංවර්ධනය කළ යමක් රටට කළ සෑම නායකයෙක් හොරු යන ලේබලය අලවා ඔවුන් දේශපාලනයෙන් ඉවත් කර කිසිම දෙයක් නොකරපු රට විනාශ කල පුද්ගලයන් ඉස්මතුවන ප්‍රවණතාවයක් රට තුළ ගොඩනැගෙමින් යන බවත් ඔහු සදහන් කරයි. හොරු යයි චෝදනා කලද ඔප්පුකර කිරීමට කිසිම සාක්ෂියක් නොමැතිව වැඩ කරන නායකයන්ට හොරු කියන ලේබලය අලවන පුද්ගලයන් නිසා රටට වැඩක් කල හැකි අය ඉදිරියට ඒමට පසුබෑම වැනි තත්ත්වයන් ඇති වීම වැළැක්වීමද මෙම පනතෙන් අරමුණ කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

