Latestදේශීය

විපක්ෂ නායක

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස ලෙස පත් කිරීමේ යම් සැලසුමක් ඇති බව දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සාකච්චා වෙමින් ඇත.

සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එක්වුවහොත් ඒ සමගම නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් විපක්ෂයට එක්වනු ඇතැයි තොරතුරු වාර්තා වෙයි.

ඉන් පසුව පාර්ලිමේන්තු විපක්ෂයේ බහුතරය තහවුරු කරගෙන නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා ලෙස පත් කිරීම මෙම සැලසුම් වී ඇතැයිද සදහන්ය.

මේ අතර ඇමති ධුර බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ද සඳහන් කර ඇත්තේ තමන්ට ඇමති ධුරයක් නොලැබීම මත තවදුරටත් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවට සහාය දැක්වීමේ තේරුමක් නැති බවයි. ඒ අනුව නුදුරේදීම ඒ ගැන තීන්දුවක් ගැනීමට සූදානම් බවත් ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *