පොලිස්පති වික්රමරත්නමයි
විශ්‍රාම කාලසීමාව පසුකොට සිටන පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට මාස 03ක සේවා දිගුවක් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී තිබේ.
ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය 31 වැනිදා සිකුරාදා කතානායක නිල නිවෙසේදී රැස්වූ අවස්ථාවේදීය.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට මාස 03ක සේවා දිගුවක් ලබා දීමට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා තීරණය කර තිබිණි. ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇත්තේ ඔහුගේ එම තීරණයටය.
සේවා දිගුවට අනුමැතිය දීමට අදාළ ලිපි ලේඛන ජනාධිපතිට යැවූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ නිල කාලය පසුගිය මාර්තු 26වැනිදායින් අවසන්විය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

