සජබ එජාප එකතු විය යුතුයි
රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙළ සහ සමගි ජන බලවේග වැඩපිලිවෙල අතර කිසිම වෙනසක් නැති බව සමගි ජන බලවේගය තුළ මතයක් ඇති බව එම සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
පක්ෂ දෙක අතර ප්‍රතිපත්තිමය වෙනසක් නැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ගෙන යන වැඩපිළිවෙළට එකග වීමට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත් පසු ඉතා විශාල දියුනුවක් ඇස් පනාපිට පේන්න ඇති බවත් රටේ ජනතාවද වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විශාල පැහැදීමක් ඇතිව තිබෙන බවත් සේනාරත්න මහතා කියා සිටී.
ඒ අනුව පක්ෂ දෙක කතා කර එකට ගමන් කරන කෙසේදැයි එකඟතාවයකට පැමිණිය යුතුව ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

