Latestදේශීය

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසමට

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට තේරී පත්ව තිබේ. 

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ සාමාජිකයින් විසින් 2024 සිට 2028 දක්වා සිව් අවුරුදු ධුර කාලයක් සඳහා ශ්‍රී ලංකාව එම කොමිසමට තෝරාපත් කරගෙන ඇති බවය. 

කාන්තාවන්ගේ අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ දිගුකාලීන සම්ප්‍රදාය, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම් තුරන් කිරීම සඳහා වන කැපවීම පිළිබඳ අවධානය යොමුකරමින් ශ්‍රි ලංකාව ඒ සදහා තෝරා පත් කරගෙන තිබේ.

බංග්ලාදේශය, බෙල්ජියම, බොලීවියාව, කොලොම්බියාව, රුමේනියාව සහ නෙදර්ලන්තය මෙවර එම කොමිසම සදහා තේරී පත් වූ සෙසු රටවල් වන බව ද විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

1946 දී පිහිටුවන ලද මෙම කාන්තා කොමිසම සාමාජික රටවල් 45 කින් සමන්විත වන අතර එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පමණක් කැප වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අන්තර් රාජ්‍ය ආයතනය ද වෙයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *