චමුදිතගෙන් කෝටි 50ක් ඕනා
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඇතුළු තිදෙනෙකුගෙන් රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් නඩු පවරා තිබේ.
ඔහු තම පැමිණිල්ල මගින් චෝදනා කර ඇත්තේ තමන් ඉලක්ක කරමින් මෙම පිරිස විසින් අපහාසාත්මක කරුණු ප්‍රචාරය කර ඇති බවයි.
අන්තර්ජාල නාලිකාවක චමුදිත සමරවික්‍රම විසින් සිදුකරන ලද වැඩසටහනකදී හා ඔහුගේ සමාජ ජාල ගිණුම් ගණනාවකම තමන් ඉලක්ක කරගෙන අපහාසාත්මක කරුණු මෑත කාලයේදී ප්‍රචාරය කර ඇතැයි ද ආරක්ෂා ලේකම්වරයා කියා සිටී.
ඒ හරහා තමන්ගේ කීර්ති නාමයටත් ප්‍රතිරූපයක් හානියක් වූ බැවින් මෙම වන්දි මුදල ගෙවන ලෙස නියෝග කරන්නැයි ආරක්ෂක ලේකම්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

