Latestදේශීය

මේ ණය ඒ ණය වගේ නෙමෙයි

මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මීට පෙර අවස්ථාවලදී ලැබුණු ණය මෙන් නොව රජයේ ප්‍රමුඛ අවශ්‍යතා සඳහා යොදාගැනීමට හැකි බවත්, එම ණය මුදල අයවැයට සහය වීමට ලැබුණු ණය මුදලක්
බැවින් එය මූලික අවශ්‍යතා සඳහා යොදාගැනීමෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අප්‍රේල් 04දා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවති මාසික මූල්‍ය ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් වන මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය මූල්‍ය ගණුදෙනු සඳහා යොදාගැනීමෙන් ගැටලුවක් ඇතිවේද යන්න මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

විදේශ ණය ගෙවීම රටක් ලෙස සිදුකළ යුතු බවත්, මෙම ලැබෙන ණය මුදලෙන් ඉන්දීය ණය ගෙවීම හෝ වෙනත් දේශීය කටයුතු සඳහා යොදාගන්නවාද යන්න රජය තීරණය කළ යුතු බවත්, කෙසේ වුවද එම මුදල් යොදාගැනීමේ කිසිදු වරදක් නොමැති බවත්, මහ බැංකු අධිපතිවරයා පැවසීය.

පවතින උද්ධමන තත්වය තවදුරටත් 50%ක් පමණ බවත් මින් ඉදිරියේදීද මේ තත්වය පැවතිය හැකිද යන්නත් මාධ්‍ය විමසූ විට ආචාර්ය වීරසිංහ පැවසුවේ ඉදිරියේදී මෙම උද්ධමන තත්වය 50% ට වඩා අඩු වනු ඇති බවත් ඉදිරි මාසය තුළදී එය හොඳින් දැකගන්නට හැකි බවත්ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *