ප්‍රති ත්‍රස්ත පනතට නීතිඥ සංගමයේ දැඩි විරෝධය
ප්‍රති ත්‍රස්ත පනතට ශ්‍රී ලංකා නීතීඥ සංගම දැඩිය විරෝධය දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
රටේ පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුව හෝ වක්‍රව සීමාකෙරෙන නීති සම්පාදනය නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි ස්ථාවරය බව එම නිවේදනයෙන් අවධාරණය කර ඇත.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් සමග ප්‍රමාණවත් උපදේශනයකින් තොරව යැයිද එම නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.
පනත් කෙටුම්පතේ නිත්‍යානුකූලභාවය සහ එහි ප්‍රතිවිපාක සමාලෝචනය කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කමිටුවක්ද පත්කර ඇති බව සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.
@Lanka Truth

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

