සජබ දෙදරයි – රාජිත නෙරපයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් කිරීමට තීන්දුකර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ සම්බන්ධයෙන් වන නීතිමය තත්වයන් ගැන තව දුරටත් සාකච්චා කරමින් සිටින අතර තුර විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාද මාධ්‍ය වෙත කියා සිටියේ පක්‍ෂය නොතකා කටයුතු කරන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.
මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රාජිත සේනාරත්න මහතා තමාට ඇමතිකමක් ලබාගෙන ආණ්ඩුවට එක්වීමට සූදානම් බව ප‍්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටීමයි.
එමෙන්ම සේනාරත්න මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂයේ සංවිධායකයන්ගෙන් සහ මන්ත්‍රීවරුන්ගෙන් ඔහුට එරෙහිව පැමිණිලි ගණනාවක් ලැබී තිබිණි.
ඇතැම් මන්ත්‍රීවරුන් පැමිණිලි කර ඇත්තේ තමන්ට ද රාජිත සේනාරත්න මහතා සමඟ ආණ්ඩුවට එක්වීමට ඔහු විසින් ආරාධනා කරන ලද බවයි.
මේ වන විටත් එම පක්ෂයේ බොහෝ සංවිධායකවරුන් විසින් සංවිධානය කරන ජනහමු රැස්වීම් ආදිය සඳහා රාජිත සේනාරත්න මහතාට සහභාගි වීමට ආරාධනා නො කරමින් සිටිති.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

