නාකි ගෝතයෝ ආන්ඩුවට පලයල්ලා – මරික්කාර්
70 පැනපු ගෝතයන්ට ආණ්ඩුවට යෑමේ උවමනාවක් ඇත්තේ නම් ආණ්ඩුවට යන්නැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.
සමගි ජන බලවේගය කිසිසේත්ම පක්ෂයක් ලෙස ආණ්ඩුවට එක් නොවන බවද පැවසූ ඔහු රෙද්දක් ඇඳගෙන රාජපක්ෂලා සමග ආණ්ඩුවට එක්විය නොහැකි බවද පැවසීය.
පක්ෂයම සමග ආණ්ඩුවට යාමට ඇතැමුන් වලිකන්නේ ඊළඟ මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා නැතුව ජයග්‍රහණය කල නොහැකි බව දන්නා නිසා බවත් ඔහු කියා සිටියි.
පසුගිය මැතිවරණයේදී ද සජිත් ප්‍රේමදාස මහතා සමඟ එම පිරිස් එක් වූයේ පාර්ලිමේන්තුවට යෑමට ජයග්‍රහණය කිරීමට ෙවන ක්‍රමයක් නැති නිසා බවද ඔහු පැවසීය.
කොළොන්නාවේදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

