“ටොයියන්”, “බයියන්” මදිවට “කයියන්”
බයියන් සහ ටොයියන් ට අමතරව ‘කයියන්’ යනුවෙන් පිරිසකුත් අද සිටින බව හතලිස් තුන්වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
නායකයන් පසුපස යන පිරිස බයියන් බවත්, නායක වන්දනාව හා ධන වන්දනාව කරන පිරිස ටොයියන් බවටත් බවත් සමාජය විසින් හඳුන්වන බව පැවසූ ඔහු අනෙක් පිරිස කටින් විතරක් රටවල් හදන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ‘කයියන්’ බවද පැවසීය.
දැන් රටට අවශ්‍ය වන්නේ කයියන් බයියන් හෝ ටොයියන්ගේ පාලනයක් නොව වැඩ්ඩන්ගේ පාලනයක් බව ද හෙතෙම සඳහන් කළේය.
වැඩ්ඩන් අතට දේශපාලන බලයේ ලැබිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය වන වේදිකාවක් නිර්මාණය කිරීමට සූදානම් බවත් එක්සත් ජනරජ පෙරමුණ නමින් නව පක්ෂයක් ඉදිරියේ දී බිහි කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

