Latestදේශීය

අළුත් අවුරුද්ද අදයි

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදට යෙදී තිබේ.

අද අපරභාග 2.59ට අවුරුදු උදාව සිදුවන අතර පුණ්‍ය කාලය අද පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා යෙදී ඇති බව අවුරුදු නැකත් පත්‍රයේ සඳහන්ව ඇත. 

අද පූර්වභාග 8.35ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සම්ප්‍රදායානුකූල චාරිත්‍රයයි.

ආහාර පිසීමේ නැකත අපරභාග 3.29ට යෙදී ඇති අතර විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක්ද තල සහ විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කිරීම මැනවැයි ද මෙවර අවුරුදු නැකත් පත්‍රයේ දක්වා තිබේ.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 5.05ට යෙදී ඇති අතර හිසතෙල් ගෑමේ නැකත 16 වන ඉරිදා පූර්ව භාග 9.41ට යෙදී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *