චීනයට රිළවු කොපමණ අවශ්‍ය ද?
චීනය ලංකාවෙන් රිළවුන් ඉල්ලන්නේනම් ඒ කුමක් සඳහාද යන්න පිළිබඳවත් කොපමණ ප්‍රමාණයක්ද යන්න පිළිබඳවත් පැහැදිලි විස්තරයක් ලංකාවේ බලධාරීන් සතුව තිබිය යුතු යැයිද මාංශ සඳහා භාවිත කිරීමට හෝ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යම්කිසි සත්ව කොටසක් ලංකාවෙන් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි කටයුත්තක් යැයිද පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන අවධාරණය කරයි.
ඒ මෙරටින් රිළවුන් ලක්ෂයක් චීනයට රැගෙනයෑමේ සූදානම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.
එහිදී ඒ සම්බන්ධයෙන් පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන දැක්වූ අදහස්,
“යම්කිසි සත්වයෙක් යවන්න පුළුවන් සංරක්ෂක කටයුත්තක් සඳහා හෝ සත්වෝද්‍යානයක් වෙනුවෙන් කරන හුවමාරුවක් සඳහා පමණයි. ඒ නිසා, මාංශ සඳහා භාවිත කිරීමට හෝ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යම්කිසි සත්ව කොටසක් ලංකාවෙන් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි කටයුත්තක්.
චීනය ලංකාවේ රිළවුන්ව ඉල්ලනවා නම් කුමක් සඳහා කොපමණ සංඛ්‍යාවක්ද ඉල්ලන්නේ කියලා පැහැදිලි විස්තරයක් අපේ බලධාරීන් සතුව තිබෙන්න ඕනේ.”
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

