Latestදේශීය

වන්දි නැතිකරන්න උත්සාහ කරන X- press pearl නෞකා සිද්ධිය

X- press pearl නෞකා අනතුරේ වන්දිය ගසාකෑමට උවමනා නිසා තමන් අදාළ කමිටුවලට එක් කර නොගන්නා බව නීතිඥ ආචාරය ඩෑන් මාලිග ගුණසේකර මහතා සඳහන් කරයි.

නාවුක නීති ක්‍ෂෙත්‍රයට අදාළව ආචාර්ය උපාධියක් සහිත මෙරට සිටින එකම පුද්ගලයා තමන් බව ද ඔහු කියා සිටී.

මෙම නඩුව ලංකාවේ නැතිව සිංගප්පූරුවේ පවරන්න හදන්නේ නඩුව පරදවා ලංකාවට වන්දි නැති කිරීම සදහා බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙය පසුපස සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුව බවත් එම ක්‍රියාවලිය ගිය ආකාරය මුල සිටම සැක සහිත බව ඔහු තව දුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *