මුල්ලේරියාවේ කසිප්පු නිෂ්පාදනාගාරය
මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත මාලිගාගොඩැල්ල මුල්ලේරියාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු වයස අවුරුදු 33 ක් වන පුද්ගලයකු වන අතර ඔහු සන්තකයේ තිබී මත්පැන් පෙරීමට උපයෝගී කර ගන්නා ලද යකඩ බාර් වලින් ආවරණය කරන ලද ගෝඩා ලීටර් 31780 ක් සහිත විශාල ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර ටැංකි 02ක්, බැලර් 17ක්, ගෑස් ලිප් 2ක්, ගෑස් සිලින්ඩර් 3ක්, දගර 2ක් සහ නීති විරෝධී මත්පැන් ලීටර් 20 ක් පොලිස් නිලධාරීන් බාරයට ගෙන ඇත.
සිංහල හා දමිල අලුත් අවුරුද්ද ඉලක්ක කර මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර ඇති බවට විමර්ශනයේදී තොරතුරු අනාවරණය වී ඇත.
වැඩිදුර විමර්ශන මුල්ලේරියාව පොලිසිය මගින් සිදු කරනු ලබයි.
@Police Media
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

