Latestවිදේශීය

ඇමරිකානු ආරක්ෂක අංශ සාමාජිකයා අත්අඩංගුවට

ඇමරිකා එක්සත් ජනපදය සතුව තිබූ රහස්‍ය දත්ත රැසක් අන්තර්ජාලයට මුදා හැරි සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයෙකි.

බොස්ටන් හිදී අදාළ සැකකරු FBI නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

අමෙරිකානු බලධාරීන් එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, රජයේ රහසිගත ආරක්ෂක තොරතුරු සම්ප්‍රේෂණය කිරීම අපරාධයක් බවත් ඔත්තු බැලීමේ පනත යටතේ ඔහුට එරෙහිව නඩු පවරන බවත්ය.

අමෙරිකාවේ මිත්‍රපාර්ශවීය රටවල මෙන්ම ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල යුද උපක්‍රම ඇතුළු රහස්‍ය තොරතුරු රැසක් ඉකුත්දා අන්තර්ජාලයට මුදාහැර තිබුනු එම රහස්‍ය දත්ත හරහා අනාවරණ වීම විශේෂත්වයකි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *