පොලිස් හොරු
මිරිහාන බැද්දගාන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට පහරදී රුපියල් ලක්ෂ පහක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ නුගේගොඩ කොට්ඨාස රථවාහන අංශයට අනුයුක්තව මිරිහාන මූලස්ථාන පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම මුදල් කොල්ලකෑමට සම්බන්ධ නුගේගොඩ පොලිස් අධිකාරී කාර්යාලය රාජකාරියේ නියුතු පොලිස් සැරයන්වරයකුද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටින බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම පොලිස් සැරයන්වරයා පලාගොස් සැඟවී සිටින බවද පැවසේ.
මෙම මුදල් කොල්ලයට සම්බන්ධ බව කියන පුද්ගලයකු මුලින්ම අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එම කොල්ලයට සම්බන්ධ වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා ගැන සහ පොලිස් සැරයන්වරයා ගැන තොරතුරු හෙළි වී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

